අප මධ්‍යස්ථානයට සාදරයෙන් පිළිගනිමු...!!
මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථානවල මුඛ්‍ය අරමුණ වන්නේ පාසල් හැරගිය සිසුන්ට හා අධ්‍යාපනයේ යෙදීසිටින විට නිවාඩුකාලයන්හිදී තොරතුරු හා සන්නිවේදන සාක්ෂරතාව ලබාදීමයි.
පරිගණක සම්පත් මධ්‍යස්ථාන 1994-1999 අධ්‍යාපන නවීකරණ වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් ආශ්‍රිතව ආරම්භ කරන ලද පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථාන වේ. මෙම මධ්‍යස්ථාන වල කාර්යය මණ්ඩල සඳහා දක්ෂකම් සහිත ගුරුවරු බදවා ගන්නා ලද අතර, ඔහුන් සඳහා විශේෂ පුහුණු විම් සිදුකරන ලදී. මෙයට අමතරව විදේශ පුහුණුවීම හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා පශ්චාත් උපාධි පාඨමාලාව හැදැරීමට අවස්ථාව සලසා දෙන ලදී. මේ අනුව වර්ථමානය වනවිට වඩාත් අත්දැකීම,දැනුම සහිත තොරතුරු හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි සුදුසුකම් ලත් කාර්යය මණ්ඩලයක් සතුවේ.
CRC ආරම්භයේදී මෙම මධ්‍යාස්ථාන සඳහා සියළු පහසුකම් රජය විසින් ලබා දුන්නද, වර්තමානයේද රජය පරිගණක මධ්‍යස්ථාන වල නඩත්තුව හා කටයුතු පවත්වාගැනීම වෙනුවෙන් මුල්‍ය ප්‍රථිපාදන ලබා නොදේ. එම නිසා වර්ථමානයේ රජයට බරක් නොවන රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ පාලන ව්‍යුවහයක් නිර්මාණය වී ඇත. නමුත් ආයතනවල මුල්‍ය පාලනය, පාඨමාලා සැකසීම, ක්‍රියාත්මක කිරීම, කාර්මණ්ඩල පුහුණු කිරීම, කාර්ය මණ්ඩල පරිපාලනය හා ඔහුන් සදහා වැටුප් ලබා දීම රජය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ පාලන ව්‍යුහය තුළ සිදුකරනු ලැබේ. මේ අනුව මධ්‍යස්ථානයේ නඩත්තුව, පරිගණක හා ඒ ආශ්රිත උපකරණ මිලදී ගැනීම,පුටු හා පරිගණක මේස මිලදී ගැනීම, විදුලිබිල ගෙවීම වැනි සියළු කාර්යන් සඳහා මධ්‍යස්ථනය විසින් මුල්‍ය ප්‍රතිපාදන යොදන අතර කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාගේ අනුමැතිය අනුව කලාප තාක්ෂණ කමිටුවේ අධික්ෂණය යටතේ මෙම ක්‍රියාවලිය සිදුවේ. වර්ථමානයේ මධ්‍යස්ථානයේ කළමනාකරණය සඳහා මධ්‍යස්ථාන කළමනාකරුවෙක් පත් කොට ඇත. ඔහු/ඇය කලාපීය අධ්‍යාපන අධ්යක්ෂ වරයාව වගකිය යුතුය. මෙයට අමතරව මධ්‍යස්ථානයේ ශිෂ්‍ය පුමාණයට අනුගත පරිදි සෙසු කාර්යය මණඩලය ලෙස පරිගණක උපදේශක වරුන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු සිටින අතර සුළු සේවකයෙක් නඩත්තු කටයුතු සඳහා පත්කොට ඇත.
කාර්ය මණඩලය සතු කාර්යය භාරයන් ලෙස
- පරිගණක පාඨමාලා පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
- පාඨමාලා සැලැසුම් කිරීම හා අනුමැතිය ලබාගැනීම ප්රාදේශීයව සිසුන්ගේ අවශ්‍යතාවන් හා කාලීන අවශ්‍යතාවන්ට අනුගත වෘතීය අවශ්‍යතාවන් ගැලපෙන පාඨමාල සැලසුම් කිරීම හා ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීම.
- ඉගෙනුම් ක්‍රියාවලිය පාඨමාලා ඉගෙන්වීම න්‍යායාත්මක හා ප්‍රයෝගික වශයෙන් සිදුකරනු ලබන අතර මේ සඳහා විධිමත් දේශක ශාලා හා පරිගණක විද්‍යාගාර යොදා ගනු ලැබේ. ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලිය සඳහා බහුමාධ්‍ය තාක්ෂණය යොදාගන්නා අතර අන්තර්ජාල පහසුකම් සහිත නවීන පරිගණක විද්‍යාගාර යොදා ගනුලැබේ.
- නඩත්තු වියදම් සපයා ගැනීම හා ගිණුම් පවත්වාගෙන යාම ආයතනයේ නඩත්තු කටයුතු සඳහා සුළු මුදලක් පමණක් ආයතනය සිසුන්ගෙන් අයකරගනී. මෙම පහසුකම් යටතේ විධිමත් පරිගණක පාඨමාලාවන් සඳහා ඉතා විශාල මුදලක් අනෙක් ආයතන අයකරනු ලැබුවත්, අප විසින් සිසුන්ට දරාගැනීමට හැකිවන අයුරින් මුදලක් අයකෙරේ. මෙම පාඨමාලා ගස්තුවද යම් සිසුවෙකුට එක්වර ගෙවීමට අපහසුනම් ඒ සඳහාද වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. මේම ගිණුම් කටයුතු විධිමත්ව පවත්වාගෙන යනුලබන අතර මෙවා ආයතිනක හා භාහිර විගණන පරික්ෂාවන් වලට යොමුවේ.
- ශිෂ්‍ය සාධනය ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලිය තුළදී සිසුන් ලබා ගන්නා සාධන මට්ටම මැනබැලීමට ඇගයීම හා විභාග ක්‍රමයක් සැකසී ඇති බැවින් එම ශිෂ්‍ය අධික්ෂණ ක්‍රියවලිය විධිමත්ව සිදුකිරීමත් අයතනික කාර්යබාර්යක් වේ.
- සහතික පත්‍ර පිරිනැමීම පරිගණක සම්පත් මධ්‍යස්ථානයේ දී සාර්ථකව පඨමාලාව නිම කරන සැම සිසු සිවියකටම පිළිගත් විධිමත් සහතිකයක් ලබා දෙනුලැබේ. අධ්‍යාපන අමාතංශයේ අනුමැතිය සහිත රාජ්‍ය ලංජනය යෙදු සහතික පිළියල කිරීම මුද්‍රණය කිරීම සියලු කාර්යයන් මධ්‍යස්ථානය සතුවන් අතර කාලාප අධ්‍යාපන අධක්ෂතුමාගේ අනුමැතිය සහිතව මෙම සහතිකය නිකුත්කෙරේ.
- මධ්‍යස්ථානයේ සියලු නඩත්තු කිරීම මධ්‍යස්ථානයේ එදිනෙදා කටයුතු මෙන්ම සියලු නඩත්තු කිරීම සිදුකලයුත්තේ මධ්‍යස්ථානය මගිනි.
- සිසුන් පිළිබඳ වගවීම පාඨමාලා පැවැත්වෙන කාලය තුළ සිසුන්ගේ වගවීම වෙනුවන් මධ්‍යස්ථානය ක්‍රියාකල යුතුය. සිසු සිසුවියන්ගේ නිල ඇදුම, සිසු විනය, අවේලාවේ මධ්‍යාස්ථානයෙන් බැහැර වීම් පාලනය, පාසලේ ක්‍රියාවලියට බාධා නොවීමට වගබලා ගැනීම, වැනි භාරධුර කර්යයන් මෙම මධ්‍යස්ථානයට පැවැරී ඇත.
වර්ථමානයේ නවීන පරිගණකවලින් සමන්විත බහු මාධ්‍ය, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක විද්‍යාගාරයක් සතු වේ. එසේ අධ්‍යාපනය පිළිබද මෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි සහිත ප්‍රවීන දේශක මණඩලයක් ආයතනය සතු වේ. එසේම දිනෙන් දින ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වී ඇති අතර මධ්‍යාස්ථානයේ ලබාදිය හැකි පහසුකම් වල සරිලන ප්‍රමාණයට සිසුන් පිරිසක් පමණක් සැමවිටම පාඨමාලාව සඳහා බඳවාගනි. සැම විටම විශිෂ්ට ශිෂ්‍ය සාධනය කැපවී සිටින අතර සැම සිසුවෙක් වෙන්වෙන්ම අවධානය යොමු කරනු ලැබේ. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසු පාඨමාලාවලට අමතරව, කලාපීය ගුරු භවතුන් සඳහා තොරතුරු හා සන්නිවේදන පුහුණු සැසි පැවත්වීම, පශ්චාත් උපාධි පාඨමාලාවන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉගෙන්වීම, විෂය මාලා නවීකරණය, මුලාකෘති ප්‍රශ්න පත්‍ර පිළියෙල කිරීම සඳහා සම්පත් දායකත්ව සැපයීම, විශ්ව විද්‍යාල සඳහා තොරාගනු ලැබු සිසුන් සඳහා නායකත්ව පුහුණුවට අදලා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉගෙන්වීම,මෙයට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය බලාපොරොත්තුවන වෙනත් සම්පත් අවශ්‍යතාවන් පුර්ණ කිරීම වැනි කාර්යන් සිදුකරනු ලැබේ.
ජීවිතය හා තොරතුරු තාක්ෂණය..!

විසිඑක් වන සියවසේ ආරම්භයත් සමඟ ම ලෝක ජනගහනය තොරතුරු සන්නිවේදනය කෙරෙහි අපමන විශ්වාසයක් තබා ඇත. එසේම දැනුම මුලික සමාජයක් බිහිවී තිබීම මත ජීවිත පවත්වාගෙන යාම සඳහා වැදගත් සාධකයක් ලෙස දැනුම මුලික වී තිබේ. මෙහිදි තම පුරවැසියන්ට අනාගත ලෝකයට ගැලපෙන අයුරින් දැනුම සකස්කර ගැනීමට අවස්ථාවන් සලසාදීම රජයේ කාර්යයභාරය වේ. මෙය මැනවින් තේරුම්ගත් රජය විසින් 1983 වර්යේ සිටම පාසල් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදුන්වා දීමට කටයුතු සැලසුම් කරන ලදී. එහි එක් ප්රමුඛ කාර්යක් ලෙස පරිගණක සම්පත් මධ්‍යස්ථාන ආරම්භ කොට ඇත
Latest News
අගොස්තු, 2012
පාසල් නිවාඩු ඇරඹිම
සැප්තැම්බර්, 2012
අපොස උසස් පෙළ අවසන් කළ සිසුන් සඳහා නව පාඨමාලා ආරම්භ කිරීම.
ජනවාරී, 2013
නව වසර සඳහා නව පාඨමාලා ආරම්භය අපොස සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන් සඳහා





