තොරතුරු හා සන්නිවේදන

තාක්ෂණය යනු කුමක්ද?

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශ්වීය නිර්වචනයක් ඉදිරිපත් කිරීම පහසු හෝ නිවැරදි කර්යක් නොවේ. මන්ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වර්ථමානයේදී ඉතාමත් වේගයෙන් වෙනස්වන විෂයක් බවට පත්ව තීබීම නිසාය. නමුත් යම් යම් සංවිධාන ආයතන තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගන්නා ආකාරය විමසා බැලීමෙන් වත්මන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ක්‍රියා කාරිත්වය මෙසේ විග්‍රහකල හැකිව.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තොරතුරු නිර්මාණය කිරීම, කළමනාකරණය කිරීම, ගබඩාකිරීම, සම්පේ‍්‍රෂණය කිරීම හා සම්පේ‍්‍රක්ෂිත තොරතුරු ග‍්‍රහනය කිරීම වැනි කාර්යන් විද්‍යුත් අංකිත තාක්ෂණය යොදා ගනිමින් කාර්යක්ෂමව හා පහසුවෙන් සිදුකිරීමට ඇති හැකියාව වත්මන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ කාර්යය භාරය බව විග්‍රහ කලහැකිය.

මිනිසා තොරතුරු හා කටයුතු කිරීම ආරම්භ කරනු ලබන්නේ මිනිසාගේ මෙලොව පහල විමත් සමගයි. එතැන් සිට අද දක්වා මිනිසා සියඑ බාධා විරහිතව තොරතුරු සන්නිවේදනය කිරීමට දරනලද උත්සාහය මත නිර්මාණය වු විධිමත් ක්‍රමවේදයන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හදුනාගත හැකිය.

මිනිසා ගල් යුගයේ සිට වර්තමානය දක්වා පරිනාමනය විමේදී විවිධ ආකාරයෙන් තොරතුරු භාවිතයට ගන්නා ලදී. එම යුග වල ප‍්‍රධාන කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය පරිදි තොරතුරු හා තොරතුරු භාවිත ක‍්‍රමවේදයන් මිනිසා විසින් සකස්කර ගන්නා ලදී. ආරම්භයේදී විධිමත් භාෂාවක් නොවු හෙයින් මිනිසා සිය තොරතුරු අනෙකෙකු වෙත සන්නිවේදනය කරවීම උදෙසා අංග චලනය මෙන්ම විවිධ හඬ වල උපයෝගි කොට ගන්නා ලදී. නමුත් මෙම තාක්ෂණික ක්‍රමවේදය පෙනෙන මැනයෙන් ඈතට සන්නිවේදනය කිරීමට අසමත් නොවු අතර විධිමත් නිවැරදි පනිවුඩයක් සැමවිටම සන්නිවේදනය නොවීය. මෙම සීමාකාරී සාධක ඉවත් කරමින් වඩාත් ඵලදායී සන්නිවේදනයක් වෙනුවෙන් නව ක්‍රමවේදයන් සොයන්නට විය. ඉන් පසු විධිමත් සන්නිවේදනයක් උදෙසා භාෂාව ඉතා වැදත් අංගයක් විය. භාෂාව මගින් විධිමත්ව සංකීර්ණ තොරතුරක් ප‍්‍රකාශ කිරීමට හැකිවිය. එතැන් සිට මේ දක්වා තොරතුරු කළමනාකරණය හා සන්නිවේදනය උදෙසා විවිධ ක‍්‍රම මිනිසා විසින් භාවිතයට ගන්නා ලදී. එහිදී එම යුගයට අයත් තාක්ෂණය තොරතුරු කළමනාකරණය සඳහා යොදා ගන්නා ලදී. නමුත් ඈත යුගවල තාක්ෂණය ඉක්මවා තොරතුරු බලවත් නොවුයේ එවන් යුගවල තොරතුරු එතරම වැදගත් කාර්යයක් ඉටු නොකල නිසා විය හැකිය. අධ්‍යාපනය හා දැනුම ඉතාමත් වැදගත් වන වර්ථමාන යුගයේ තොරතුරු ඉතා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. එම නිසා වර්තමානයේ තොරතුරු ඉතාමත් වටිනා සම්පත බවට පත්ව ඇත. මේ නිසා වර්තමානය තොරතුරු යුගය ලෙස හදුන්වනු ලැබේ. එය එසේ හැදින්වීමට හේතු වී ඇති කරුණු කිහිපයකි.

  1. දැනුම මත පදනම් වු සමාජයක් බිහිව තිබීම.
  2. තොරතුරු සන්නිවේදනයට සම්බන්ධ උපකරණ හා මෙවලම් වැඩි වේගයකින් වර්ධනය විම හා ඒවායේ මිල ගණන් පහළබැසීම.
  3. තොරතුරු සන්නිවේදන තාක්ෂණය අනෙකුත් ක්ෂේත්‍ර වල සංවර්ධනය උදෙසා යොදා ගැනීමේ හැකියාව.
  4. තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ රැකියා විශාල ප‍්‍රමාණයක් බිහිවීම
  5. ආර්ථික අතින් ඉතා විශාල මුදලක් සොයා ගැනීමට හැකි ක්ෂේත්‍රයක් බවට තොරතුරු සන්නිවේදන තාක්ෂණය පත්ව තිබීම.

වර්ථමානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සෑම ක්ෂේත්‍රයක් තුළට ම ගමන් කරමින් එම ක්ෂේත්‍රයේ ආධිපත්‍යය හිමි කරගැනීම නිසා සැම ක්ෂේත්‍රයක් තුළ කටයුතු කරනු ලබන සැම පුද්ගලයෙක් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සන්නද්ධ වී සිටීම අත්‍යාවශ්‍ය වි ඇත. අධ්‍යාපනයේ නිරත වුවද රැකියාවක නිරත වුවද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මහත් ප්‍රයෝජනවත් මෙවලමක් බවට පත්ව ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ජීවිත.

  1. එදිනෙදා ජීවිතයේ වැදගත් අංගයක් බවට පත්ව තිබීම
  2. සැබෑ ජීවිතයේ ගැටළු සඳහා ඵලදායී හා ඉක්මන් විසදුම් ලබාදීම
  3. ජීවිතයේ සංකීර්ණ බවට සහනයක් ලබා දීම
  4. ජීවිතයේ හුදකලා බව තුරන්කිරීම

සමාජයේ සෑම ක්ෂේත්‍රයක් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසින් ආක්‍රමණය කොට ඇත.

කවුළුව වහන්න